Sunday, July 21, 2024

Toroidal Transformer (sinhala)

 Toroidal Transformer (sinhala)



ඉලෙක්ට්රොනික් සම්බන්ධව ප්රයෝගික දේවල් ගොඩක් ඉගෙන ගත්තේ නුවර sanjeewa electronics එකෙන්. මේ toroidal transformer එකත් එහෙදි ඔතපු එකක්. ඕක එතුවේ එතන වැඩ කරපු roshan buddhika මල්ලිගේ උදව්වත් ඇතුව. ගණන් හදන විදිහ කියලා දුන්නේ මාවනැල්ලේ ඉඳන් ආපු , විදුලිබල මණ්ඩලේ වැඩකරපු අබේරත්න (මතක විදිහට)කියල මහත්තයෙක්. ලස්සනට පිළිවෙලට ඔතපු හින්ද සැහෙන කාලයක් ගියා. ඔතලා ඉවර කරන්ඩ පුළුවන් වුනේත් primary එක විතරයි.
-
ගණන් හදන විදිහ අමතක වෙන්ඩ කලින් ඒ ටික java වලින් පොඩි software එකක් හදල අරන් තිබ්බා.එකේ source code එක මෙතනින් ගන්ඩ පුළුවන් :
-
දෙවැනි එක එතුවේ ගෙදරදී තනියම , wire එකේ gauge එක වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ ඔතන එකත් අමාරුයි. wire එක core එකේ මැද තව්වෙන් එහා මෙහා ගෙනියන්ඩ use කරේ PVC බට කෑල්ලකින් හදපු loom shuttle එක වගේ එකක්. හරියට එතුවොත් මේ transformer වල hum එක එන්නේ නෑ. රත්වෙන්නෙත් නැති තරම්.
-
sanjeewa electronics එකට ගියොත් shop එකේ තිබ්බොත් මේක ඉල්ලෙගෙන බලන්ඩ පුළුවන්. නුවර පල්ලෙකැලේ තිබුන පිටරටට භාණ්ඩ නිෂ්පාදනය කරලා යවන factory එකක් අස් කරද්දී අයින් කරපු මේ වගේ cores sanjeewa electronics එකට කියලා හොයා ගන්ඩ පුළුවන්.
https://www.facebook.com/SanjeewaElectronics/
-
මේ ලින්ක් වල තියනවා හදන විදිහ:
-
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:

https://www.facebook.com/groups/paperclipx/permalink/429979263292059/

No comments:

Post a Comment