Sunday, July 21, 2024

Router Power Backup - (sinhala)

 Router Power Backup - (sinhala)


ලංකාවට විදුලි බලය අත් හිටවපු කාලේ internet router එක power up කරලා තියා ගන්ඩ හදපු පොඩි gadget එකක් තමා මේ තියෙන්නේ . විදුලි බලය නැති වෙලාවක මේක කොච්චර වෙලා එක දිගට use කරන්ඩ පුලුවන්ද කියන එක තීරණය වෙන්නේ භාවිතා කරන බැටරිවල capacity එකත් මේකෙන් බල ගන්වන උපකරණයත් මත.
-
router එක තැනින් තැනට අරන් ගිහින් use කරනවානම් එකටත් මේ වගේ එකක් ප්රයෝජන වත් වෙන්ඩ පුළුවන්.මේක හදන්ඩ පාවිච්චි කරලා තියෙන්නේ 18650 battery 3ක් සහ 3S 10A 3.7V HX-35 වර්ගයේ module එකකුත්.
-
මේක නැවත් ආරෝපණය කරන්න router එකට හම්බෙන 12V adapter use කරන්ඩ පුළුවන් (ඇතැම් බැටරි මෙම adapter එක භාවිතයෙන් ආරෝපණය කලද සාර්ථක නොවේ වෙනත් වැඩි ධාරාවක් සහිත adapter එකක් භාවිතා කල යුතු වේ). තවත් දෙයක් මේකේ out put voltage එක 11.1V වගේ (charge වෙන වෙලාවට වෙනස්), මේකේ boost converter එකක් use කරලා නෑ. ඒ voltage එකට router එක වැඩ. හරියටම 12V ඕනේ නම් boost converter module එකක් use කරන්ඩ පුළුවන්.
-
මේ HX-35 module එක වැඩ කරන විදිහ හින්දා , විදුලිය විසන්දි වන වෙලාවට ස්වයංක්රීයව ක්රියාත්මක වෙන කොටසක් වෙනම අවශය වෙන්නේ නෑ. ඒ හින්දා මේක router එකට ups එකක් විදිහටත් use කරන්ඩ පුළුවන්.
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/396649909958328/

No comments:

Post a Comment