Sunday, July 21, 2024

digimetzAC dimmer pcb (sinhala)

 digimetzAC dimmer pcb (sinhala)


මේ තියෙන්නේ මහනුවර digimetz ආයතනයට නිර්මාණය කරලා දුන්න AC dimmer Module එකක්. මේක design කරේ AC ප්රධාන විදුලියෙන් ක්රියාත්මක වෙන (incandescent light bulbs) විදුලි බුබුළු යොදාගෙන කරන කටයුතු වලට use කරන්ඩ පුළුවන් වෙන්ඩ. මේක Leading edge dimmer එකක් මේකෙන් LED bulbs dim කරන්ඩ බෑ. LED bulbs dim කරන්ඩ බොහෝවිට යොදාගන්නේ Trailing edge dimmers.
-
Leading edge dimmer එකක් වැඩකරන්නේ phase angel control කියන method එක use කරලා. මේක විදුලි උපකරණ වලට සපයන බලය පාලනය කරන්ඩ යොදා ගන්න technique එකක්.
-
වැඩ කරන විදිහ ගැන :
-
ලංකාවේ නිවාසවලට එන ප්රදාන විදුලි සැපයුම 220V AC එකක්. AC signal එකක් කියන්නේ sine wave එකක්. ඒ කියන්නේ සයිනාකාර තරංඟයක්.මේකට AC එහෙමත් නැත්තන් Alternating Current කියලා කියන්නේ මේක state දෙකක් අතර දෝලනය වෙන නිසා.ප්රදාන විදුලි සැපයුමේ එන මේ AC signal එක , එක cycle එකක් සම්පුර්ණ කරා කියලා ගන්නේ අංශක 0 ඉඳන් අංශක 360 ට අවහම .
-
අංශක 0 ඉඳන් 90 ටත් , අංශක 90 ඉඳන් අංශක 180 ටත් , එතන ඉඳන් අංශක 270 ටත් එතනින් අංශක 360 ටත් ගිහින් එක වටයක් සම්පුර්ණ වෙනවා.මේ අංශක 180 සහ 360 කියන තැන දෙක zero crossing point විදිහට ගන්නවා. ඒ කියන්නේ අර sine wave එකේ කලාව මාරු වෙන තැන.මෙන්න මේක detect කරගන්ඩ module එකේ තියනවා zero crossing detector එකක්. අපිට ලැබෙන ප්රදාන විදුලි සැපයුමේ frequency එක50Hz නම් මේ zero crossing detector එක නැත්තන් ZCD එකෙන් අපිට ලැබෙන frequency එක 100Hz වෙනවා . එකට හේතුව signal එක අංශක 0 ඉඳන් අංශක 360 වෙනකන් යනකොට zero crossing point දෙකක් හම්බෙන එක.
-
මේ module එකේ load එක නැත්තං විදුලි බුබුල සවි වෙන්නේ Triac එකක ට. එතකොට Triac එක තමා switch එක විදිහට වැඩ කරන්නේ .ඉතින් මේ Triac එක gate එකට signal එකක් දීලා on කරාට පස්සේ එක දිගට on එකේ තියෙන්නේ නෑ . අර කලින් කිව්ව zero crossing points වලදී Triac එක auto ම off වෙනවා. ඉතින් මෙන්න මේ off වෙන වෙලාව ZCD එක use කරලා MCU එකෙන් බලන් ඉඳලා Triac එක control කරන්ඩ පුළුවන්.
-
Triac එකෙන් විදුලි බල්බයට කොච්චර බලයක් ලැබෙනවද කියලා තීරණය කරන්නේ on එකේ ඉඳන් zero crossing poin එකට එනකන් කොච්චර වෙලාවක් Triac එක on එකේ තියවද කියන එක මත.
-
උදාහරණයක් විදිහට පලවෙනි zero crossing point එකේදී Triac එක off වෙලා ඉතාම කෙටි කාලයකට පස්සේ Triac එකේ gate එකට signal එකක් දීලා on කරනවා. අපි හිතමු අංශක 0 පහුවෙලා තාම සුළු වෙලාවකින් කියලා. ඒ කරලා අංශක 180 වෙනකන්ම Triac එක on එකේ තියා ගන්නවා , දැන් අංශක 180 දි හම්බෙන zero crossing point එකේදී Triac එක off වුනහම කලින් කරාවගේම ඉතාම කෙටි කාලයකට පස්සේ Triac එක on කර ගන්නවා. දැන් අංශක 360 වෙනකන්ම Triac එක on එකේ තියනවා. මේ විදියට කරහම අර සම්පුර්ණ AC signal එකම විදුලි බල්බය හරහා ගමන් අරගෙන උපරිම දීප්තියෙන් දැල්වෙනවා.
-
ඉතින් බල්බයේ දීප්තිය අඩුකර ගන්ඩ , නැත්තන් dim කරගන්ඩ ඕන නම් zero crossing point එකෙන් පස්සේ ටිකක් වෙලා ගිහින් Triac එක on කරනවා එතකොට AC signal එකේ කොටසක් භාවිතයට නොගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට විදුලි බුබුලේ ආලෝක තත්වය අඩු වැඩි වගේම , on-off කරන්ඩත් පුළුවන්. මේකට leading edge dimmer කියලා කියන්නෙත් ඔන්න ඔය AC wave එක කැපෙන විදිහ හින්දා. ඒ කියන්නේ AC signal එකේ මුල්කොටස භාවිතයට නොගෙන සිට බලය පාලනය කිරීම.
-
විස්තර :
-
මේක Arduino , Nodemcu , PIC වගේ MCU එකකින් පාලනය කරන්ඩ පුළුවන්. 5V සහ 3.3V කියන වෝල්ටීයතා දෙකටම මේක වැඩ කරනවා.අවශ්යනම් වෙනත් 5V , 3.3V වලින් වැඩකරන වෙනත් single board computers හෝ single board micro controllers එක්කත් මේක use කරන්ඩ පුළුවන්. මේ module එකේ ප්රධාන විදුලිය සහ සරල ධාරා විදුලිය ගමන් කරන කොටස් වෙනවෙනම isolate කරලා නිර්මාණය කරලා තියනවා. මේ වගේ module කිහිපයක් එකට use කරන්ඩත් පුළුවන්. මේකට MCU එකේ hardware PWM තියන pin අවශ්ය වෙන්නෙත් නැහැ.
-
උදාහරණයක් විදිහට අපි මේක Arduino Nano එකක් එක්ක use කරනවානම් dimmer module එකේ VCC pin එක +5V වලටත් GND එක Arduino
එකේ ඍන අග්රයටත් , PWM pin එක Triac එක drive කරන්ඩ තෝරාගත්ත අග්රයටත් , ZCD pin එක zero crossing detector එකට තෝරාගත්ත interrupt pin එකටත් සවි විය යුතුයි.
-
අපි මේක Nodemcu එකක් එක්ක use කරනවානම් dimmer module එකේ VCC pin එක +3.3V වලට සම්බන්ධ විය යුතුයි. සරලවම, භාවිතා කරන MCU එකට ලබාදෙන වොල්ටීය තාවයම module එකටත් ලබා දිය යුතුයි.
-
වැඩ කරන විදිහ you-tube එකේ තියනවා .
-
you-tube :
-
මේ module එක දැන් මහනුවර digimetz ආයතනයෙන් ලබා ගන්ඩ පුළුවන්.
-
වැඩි විස්තර සඳහා : +94 77 634 4666.
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/418882567735062/


No comments:

Post a Comment